24 February 2026

logo

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රියදුරන් හට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදී ඇති රියදුරන් සදහා ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර ඇති බවයි. 

ස්ථිර රියදුරු බලපත්‍ර කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලය තුළ රියදුරු පරීක්ෂණය සමත් වූ රියදුරන් හට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර තිබෙනවා.
 
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගත් රියදුරන් හට මෙසේ ස්ථිර රියදුරු බලපත්‍ර නිතුක් කර ඇති බවයි. 

(colombotimes.lk)