මේ වන විට උද්ගත වී තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධව කරුණු අධ්‍යනය කිරීම සඳහා ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුක් පත් කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
