24 February 2026

logo

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත 6වන ශ්‍රේණියට අදාළ නව ඉගෙනුම් මොඩියුල සකස් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
 
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ මේ වන විටත් නව මොඩියුලයන්හී අවසන් සමාලෝචන සහ නැවත පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. 

ඒ සඳහා ගුරුවරුන් දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව ද ලේකම්වරයා සඳහන් කළා. 

එමෙන්ම නව අධ්‍යාපන මොඩියුලයන් ලබන වසරේ සිට 6වන ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)