03 May 2026

logo

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්



ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතෙහි අද (03) භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය රික්ටර් මාපක 6.1ක ප්‍රබලත්වයකින් යුතුව හටගත් බවයි.  

සිනාබැං සිට කිලෝමීටර් 65ක් ගිනිකොන දෙසින් මෙම කම්පනය ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි. 

(colombotimes.lk)