මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) තිරුක්කෝවිල් පොලිස් වසමේ සංගමන්කන්ද, කරදියකුලම් වැව ආශ්‍රිත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන කෝමාරි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)