27 October 2025

logo

වැලිගම සභාපති ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට



වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (26) පස්වරුවේ නාවින්නේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු අද (27) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
 
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටතට රැගෙන ආ සැකකරු මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. 

(colombotimes.lk)