ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගී නොවන බව ඉරානය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය සමඟ දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි.
තම රට දීර්ඝ කාලීන ගැටුමකට සූදානම් විය යුතුව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හී වත්මන් මාණ්ඩලික ප්‍රධානියා වන ඊයල් සමීර් සඳහන් කළා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ හේතුවෙන් ඉදිරියේදී දුෂ්කර කාල පරිච්ජේදයක් වන බවයි.
මේ දිනවල යුරෝපයේ සංචාරයක නිතරව සිටින ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ජිනීවාහීදී යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී තිබෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ එහිදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කරන ලෙසයි.
කෙසේවෙතත් ඊශ්‍රායලයේ ප්‍රහාර නතර කළ පසු පමණක් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සලකා බැලීමට ඉරානය සූදානම් බව ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී කටයුත්තක් වන බව අවධාරනය කරමින් ඔහු සඳහන් කළේ ඊශ්‍රායලයේ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි.
(colombotimes.lk)