04 November 2025

logo

රජයේ නිල ඉන්ධන සංචිත ගැන කංචනගෙන් Twitter සටහනක්



රජය සතුව මේ වන විට පවතින ඉන්ධන තොග සම්බන්ධව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිය Twitter ගිණුමේ සටහනක් තබමින් දැනුවත් කර තිබෙනවා.

මෙලෙස අමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ, අද (23) පෙරවරු 8.30 වන විට රජය සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක් පවතින අතර, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් පවතින බවයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් රජය සතුව පවතින බව ද සඳහන්.

ඊට අමතරව එම දැනුම් දීමට අදාළව ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173 ක් ද අද පෙරවරුව වන විට රජය සතුව පවතින බවයි වාර්තා වන්නේ.

පසුගිය සති කිහිපය තුළ රජය සතු ඉන්ධන සංචිතයේ යම් අඩුවීමක් සිදුව තිබුණා.

කංචන විජේසේකර මහතා සඳහන් කළේ, මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග රජය සතුව පවතින බවයි.
(Colombotimes.lk)