17 October 2025

logo

කථානායකට එරෙහි විශ්වාසභංගයක් ?



කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් ඒ බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

වර්තමාන කථානායක ජගත් වික්‍රමරත්න කථානායක ධූරය දැරීමටද නුසුදුසු පුද්ගලයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කථානායකවරයා විශ්වාසභංගය භාරදීම ප්‍රතික්ෂේප කරන බවට හේතු සඳහන් නොකර එය ප්‍රතික්ෂේප කළ බවයි. 

(colombotimes.lk)