මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් අද (01) සහ හෙට (01) යන දෙදින තුළ උදෑසන කාලයේදී සහ සවස් කාලයේදී මිනිත්තු 15ක් පමණ ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ප්‍රමාදය කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර ඉහළ සහ පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම සඳහා අදාළ සංඥා පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදුකිරීම හේතුවෙන් මෙලෙස ප්‍රමාද වන බවයි.
(colombotimes.lk)
