31 January 2026

logo

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල අනුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින්.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 



(colombotimes.lk)