2025 අවුරුද්දෙ ලෝකයේ Bike Market එක හොල්ලන්න TVSලා සමත්වෙලා තියෙනවා. ලංකාවේ Market එකෙත් වැඩ දාන Brand එකක් හින්දම 2025 වසරේ අවසන් කාර්තුවේදී TVSලා ලෝකෙම Bike Market එකේ කරපු මේ විප්ලවය ගැන අපි හොයලා බැලුවා.
වාර්තා වෙන විදිහට 2025 දෙසැම්බර් මාසයේ අවසන් වුණු කාර්තුවේදී TVS මෝටර් සමාගමේ මෙහෙයුම් ආදායම 37%කින් වර්ධනය වෙලා තියෙනවා. 2024දී ඉන්දීය රුපියල් කෝටි 9,097ක් වශයෙන් වාර්තා වූ ආදායම තමයි 2025 දෙසැම්බර්වලදී ඉන්දීය රුපියල් කෝටි 12,476ක් දක්වා වැඩි වෙලා තියෙන්නෙ. 2025 වසරේ දෙසැම්බර්වලින් අවසන් වූ මාස 09ක පමණ කාලසීමාවේදී TVS සමාගමේ මුළු අලෙවිය, ඒ කියන්නේ මෝටර් සයිකල් සහ ත්‍රීරෝද රථ කියන දෙවර්ගයේම අලෙවිය 23% කින් වැඩි වෙලා තියෙනවා. 2024 වසරේ TVSලා අලෙවි කරලා තියෙන මුළු ඒකක සංඛ්‍යාව 3,527,000ක්. හැබැයි 2025 වසරේ අලෙවි කරලා තියෙන මුළු ඒකක සංඛ්‍යාව 4,328,000ක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා. මෙතන විශේෂත්වය තමයි සාමාන්‍ය මෝටර් සයිකල්, Scooter වගේම EV Scooter කියන සෑම කාණ්ඩයකම ඒකක අලෙවිය වැඩි වෙලා තියෙන එක.
සාමාන්‍ය යතුරුපැදි පිළිබඳව කතා කරද්දී 2024 වසරේ TVS සමාගම අලෙවි කරලා තියෙන්නෙ ඒකක 1,631,000යි. 2025 අවුරුද්දේදී ඒක 2,019,000ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒක 24%ක වර්ධනයක්. Scooter අලෙවියත් 1,402,000 සිට 25%කින් වර්ධනය වෙලා තියෙනවා. ලොව පුරා ත්‍රීරෝද රථ අලෙවියෙන් කැපී පෙනෙන වර්ධනක් සමඟින් 2024 අලෙවි වූ ත්‍රීරෝද රථ 98,000ක ප්‍රමාණය, 2025 වසරේදී 159,000ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ලෝකය දැන් වැඩිපුරම යන්නෙ EV පැත්තටනේ. ඉතිං TVSලගේ EV Bike අලෙවියත් 2025දී වැඩිවෙලා තියෙනවා. ඒ 2024 වාර්තා වූ 76,000ක ප්‍රමාණය 106,000ක් දක්වා වර්ධනය කර ගනිමින්.
මේ හැමදෙයක් ගැනම බලද්දී TVS කියන්නෙ ලෝකෙම Bike Market එකට ලොකු බලපෑමක් කරන්න පුළුවන් Brand එකක්. රටවල් 80ක් පුරා තම මෙහෙයුම් කටයුතු සිදු කරමින් පාරිභෝගිකයන්ට නව තාක්ෂණික සුවපහසු අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් TVS සමාගම වැඩි අවධානයක් ලබාදී තිබෙන බවට මේ විදිහට වර්ධනය වෙලා තියෙන සංඛ්‍යා දත්තවලින් ඉතාම පැහැදිලි වෙනවා.
(colombotimes.lk)
