බෲනායි හි අබ්දුල් මටීන් කුමරු ඔහුගේ කඩවසම් පෙනුම හේතුවෙන් ලෝකයේම අවදානය දිනා ගැනීමට සමත් වූ කුමාරයෙක්.
මේ හේතුවෙන් මටීන් කුමරුගෙ විවාහය බොහෝ දෙනෙකුගේ අවදානය දිනා ගැනීමට සමත් වුණා.
කුමරු විවාහ වූයේ ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය වන අනීෂා රොස්නා සමඟයි.
ඇය බෲනායි හි නායක සුල්තාන් හසනල් බොල්කියාගේ උපදේශකයෙකුගේ මිනිබිරියක් වන අතර විලාසිතා සහ සංචාරක සමාගමකට හිමිකම් කියන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔවුන්ගේ විවාහ උත්සවය ඉස්තානා නුරුල් ඉමාන් මාලිගයේ පවත්වා තිබුණා.
විවාහය සැමරීම සඳහා දින 10ක් පුරා රාජකීය උත්සව පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk) 


:max_bytes(150000):strip_icc():focal(737x549:739x551)/Prince-Mateen-Royal-Wedding-011424-05-1a239c1f0a974918a500c77a2815e0d5.jpg)
:max_bytes(150000):strip_icc():focal(733x249:735x251)/prince-mateen-of-brunei-anisha-isa-kalebic-011224-2-05df44ee25344e55966eac178cf2540d.jpg)
