03 May 2026

logo

බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක්



බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් බස් රථය පාලන කර ගැනීමට නොහැකිව තවත් යතුරුපැදික හා ලොරි රථයක ගැටී මාර්ගය අයිනේ රැඳී සිටි පදිකයෙකුගේද ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ හලාවත කුරුණෑගල මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේදීයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා හෙට්ටිපොල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක් වන කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)