03 May 2026

logo

මාලදිවයින් ජනපති අද දිවයිනට



මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු අද (03) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත තෙදින නිල සංචාරයක් සඳහායි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මොහොමඩ් මුයිසු 2023 වසරේ බලයට පත්වීමෙන් පසු සිදුකෙරෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන බවයි.

මෙම සංචාරය අතරතුර දී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වීපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිත බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 

එමෙන්ම දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරමින් අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තැබීමද මෙමෙ සංචාරය අතරතුරදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)