කාර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක හා දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කුරුණෑගල - පුත්තලම මාර්ගයේ කුරුණෑගල නගරය ආසන්නයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ කාර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 31ක් වන පුද්ගලයෙක්.
(colombotimes.lk)
