14 October 2025

logo

පාසල් ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයට චෝදනා



පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු ව්‍යාප්තිය උග්‍රවීම සම්බන්ධයෙන් වන වගකීම අධ්‍යාපන අමාත්‍යංශය බාරගත යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, දිවයිනේ පාසල් රැසක අදාළ කම්කරු සේවකයින් නොමැති වීම හේතුවෙන් පාසල් ආශ්‍රිත පවිත්‍රතා කටයුතු සහ සනීපාරක්ෂක කටයුතු සිදුනොවන බවයි.

මේ හේතුවෙන් පාසල් ආශ්‍රිතව අපද්‍රව්‍ය එක්රැස් වීම හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමුකළ යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා සඳහන් කළා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ පාසල් ආශ්‍රිත ඩෙංගු මරුදු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් මට්ටමෙන් අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කළ යුතු බවයි

(colombotimes.lk)පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු ව්‍යාප්තිය උග්‍රවීම සම්බන්ධයෙන් වන වගකීම අධ්‍යාපන අමාත්‍යංශය බාරගත යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, දිවයිනේ පාසල් රැසක අදාළ කම්කරු සේවකයින් නොමැති වීම හේතුවෙන් පාසල් ආශ්‍රිත පවිත්‍රතා කටයුතු සහ සනීපාරක්ෂක කටයුතු සිදුනොවන බවයි.
මේ හේතුවෙන් පාසල් ආශ්‍රිතව අපද්‍රව්‍ය එක්රැස් වීම හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමුකළ යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා සඳහන් කළා.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ පාසල් ආශ්‍රිත ඩෙංගු මරුදු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් මට්ටමෙන් අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කළ යුතු බවයි.