06 January 2026

logo

විපතට පත් ජනතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර



ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා වී තිබෙනවා. 

එම ගුවන්යානයේ ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් තිබෙන බවයි වාර්තා වන්නේ. 

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල වෙත එම ආධාර තොගය නිල වශයෙන් බාරදී තිබෙනවා. 

(colombotimes.lk)