එක් වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණයේ වාර්තාව අද (29) අළුත් වී තිබෙනවා.
ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට 2,333,797 වන සංචාරකයා පැමිණීමත් සමඟයි.
මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් 2018 වසරේදී වාර්තා කර තිබෙනවා.
ඒ අනුව 2018 වසරේදී දිවයිනට සංචාරකයන් 2,333,796ක් පැමිණ තිබෙනවා.
(colombotimes.lk)
