02 December 2025

logo

දරුවන්ට ආදරයෙන් 'අකුරට දිරියක්' ක්‍රියාන්විතය ඇරඹේ



හදිසි ආපදා තත්ත්වය නිසා මේ වන විට බොහෝ ප්‍රදේශවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඒ අතර තුර පාසල් දරුවන්ට සිදුවී ඇති පිඩනකාරී තත්ත්වය අතිමහත්. පාසලට ගෙනියන පොතේ සිට පාවහන් යුවල දක්වා සියල්ල අද ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන්ට අහිමිව ගොස් තිබෙනවා. 

ඒ පිළිබඳව සලකා බලමින් විපතට පත් දැයේ දූ දරුවන්ට පාසල් උපකරණ පිරිනැමීම වෙනුවෙන් වන ජාතික මෙහෙවරකට උර දෙන්නට වගකිව යුතු Digital මාධ්‍ය නාලිකාවක් ලෙස Colombo Times අප සූදානම්. ඒ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ එකම ළමා රුපවාහිනී නාලිකාව වන A Plus Kids TV සහ Channel One රුපවාහිනී නාලිකා ද්විත්වයේද සහයෝගීතාවයෙන්. 

'අකුරට දිරියක්' ලෙස නම් කර ඇති මේ ජාතික මෙහෙවර සමඟ සම්බන්ධ වෙන්න අපි ඔබටද කාරුණිකව ආරාධනා කරනවා. දරුවන් දහසක් වෙනුවෙන් අවශ්‍ය පාසල් උපකරණ සපයාදීම අපේ අරමුණයි.

ඉතින් ඔබට හැකි නම් පොතක්, පෑනක්, පැන්සලක්, අඩුම මකනයක් වුනත් කමක් නැහැ අපිට ගෙනැවිත් භාර දෙන්න. සියලු ශ්‍රී ලාංකිකයන් එකාමෙන් වැඩ කරන මොහොතක දැයේ දරුවන්ගේ හෙට දවසේ හීනය යළි පාට කරන්නට අප සමඟ එක්වන ලෙස ඔබටද ආරාධනා කරන්නෙමු.

ඔබේ දායකත්වය පන්නිපිටිය Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට හෝ තලවතුගොඩ A Plus Studio වෙත ගෙනැවිත් භාර දෙන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න, 070 174 39 56

අපි Colombo Times


(colombotimes.lk)