13 July 2025

logo

ඇල්ෆ්‍රඩ් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට දරුණු වෙයි



ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සමහර ප්‍රදේශවල පුළුල් ලෙස විදුලිය ඇනහිටීම් සහ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් එක් අයෙක් මිය ගොස් සොල්දාදුවන් දොළොස්දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

මෙම සුළි කුණාටුව දින ගණනක් වෙරළට ඔබ්බෙන් දෙවන කාණ්ඩයේ නිවර්තන සුළි කුණාටුවක් ලෙස රැඳී සිටිමින් කිලෝමීටර් 400ක වෙරළ තීරයකට බලපෑම් කර තිබෙනවා.

(colombotimes.lk)