28 November 2025

logo

සියලු සෞඛ්‍ය සේවකයන්ගේ නිවාඩු අවලංගු වෙයි



සියලු සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙන තුරු අවලංගු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අද (28) සිට නැවත දැනුම්දෙන තුරු නිවාඩු අවලංගු කර ඇති බවයි.

එමෙන්ම සියලු රෝහල් අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානීන් රෝගී සත්කාර සේවා අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක කළ හැකි වන පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. 



(colombotimes.lk)