28 November 2025

logo

දුම්රිය කිහිපයක් හෙට ධාවනයේ යෙදවීමට තීරණයක් - කාලසටහන මෙන්න



දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ වුවද අත්‍යාවශ්‍ය සේවා සඳහා පිටත්වන ජනතාවගේ පහසුව වෙනුවෙන් දුම්රිය කිහිපයක් හෙට (29) දිනයේදී ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පහත සඳහන් ආකාරයට දුම්රිය ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන බවයි.

එමෙන්ම පවතින අයහපත් කාලගුණයත් සමඟ පහත සඳහන් දුම්රිය ධාවනයන් වෙනස්වීමට ඉඩ පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ප්‍රධාන මාර්ගය

1. කොළඹ කොටුව/මීරිගම - පිටත්වීම පෙ.ව.06.00
2. මීරිගම /කොළඹ කොටුව - පිටත්වීම පෙ.ව.06.30
3. මීරිගම /කොළඹ කොටුව- පිටත්වීම පෙ.ව.07.30

මුහුදුබඩ මාර්ගය

1. ගාල්ල/මරදාන පිටත්වීම පෙ.ව.06.00
2. අලුත්ගම/මරදාන – පිටත්වීම පෙ.ව.05.30
3. අලුත්ගම/මරදාන – පිටත්වීම පෙ.ව.06.00
4. අලුත්ගම/මරදාන – පිටත්වීම පෙ.ව.06.30

පුත්තලම මාර්ගය

1. හලාවත/කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.6.00
2. මීගමුව/කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.7.30

කැලණි වැලි මාර්ගය

1. අවිස්සාවේල්ල/කොළඹ කොටුව – පිටත්වීම පෙ.ව.05.55 


(colombotimes.lk)