දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පොළ, නුවරඑළිය සහ වලපනේ ප්‍රදේශවලට විශේෂ යුද හමුදා කණ්ඩායම් යොදවා තිබෙනවා.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ එම ප්‍රදේශවල ආපදාවට පත්වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට අඛණ්ඩව සිදු කරමින් පවතින බවයි.
එමෙන්ම එම ප්‍රදේශවලට යුද හමුදා කණ්ඩායම්වලට ඇතුළුවීමට යම් අසීරුතාවයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
කෙසේනමුත් ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් එම මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
