17 October 2025

logo

ඇමරිකාව රසායනික අවි තොගයක් විනාශ කරයි



ඇමරිකාව විසින් සිය අවසන් රසායනික අවි තොගය විනාශ කළ බව එරට ජනාධිපති Joe Biden නිවේදනය කර තිබෙනවා. 

ඇමරිකානු හමුදාව සතු අවසන් මාරාන්තික රසායනික ද්‍රව්‍ය ටොන් 500 ක් විනාශ කිරීමේ සිව් වසරක ව්‍යපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසුව Joe Biden මෙලෙස නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
1993 වසරේ දී එකඟ වූ සහ 1997 වසරේ දී බලාත්මක වන රසායනික අවි සම්මුතියට අනුව ඇමරිකාව සඳහා සියලු රසායනික කාරක සහ යුධෝපකරණ විනාශ කිරීමට මෙම වසරේ සැප්තැම්බර් 30 දක්වා කාලය ලබාදී තිබුණා. 
 
ලොව රටවල් රැසක් මෙම සම්මුතියට අත්සන් තබා තිබූ අතර ඒ සඳහා අවසානයට ඇමරිකාව අත්සන් තබා තිබෙනවා.
(colombotimes.lk)