අප ගන්නා ආහාර වේල් අතරින් උදෑසන ආහාර වේල ඉතා වැදගත්. අප උදෑසන ආහාරවේල ලබා ගන්නේ බොහෝ වේලාවක් නිරාහාරව සිටයි. එම නිසා උදෑසන ආහාර වේල ගැනීමේදී ඔබ එහි පෝෂණ ගුණය පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතුයි. නමුත් අද කාලේ බොහෝ දෙනා කාර්යබහුල බව නිසා සහ කම්මැලිකම් නිසාත් ඕනකමින්ම උදෑසන ආහාර වේල මගහරින්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අද Be Happy අරගෙන ආවේ උදෑසන ආහාර වේල මගහැරියොත් ඔයාට වෙන ප්‍රතිවිපාක ගැනයි.
1. අලස බව
අපි හැමෝම කැමතියි අපේ දවස ප්‍රබෝධමත්ව පටන් ගන්න. නමුත් ඔයා Breakfast එක Skip කළොත් නම් ඔයා බලාපොරොත්තු වෙන ප්ර්බෝධමත්බව නම් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද උදෑසන ආහාරය නොගැනීම නිසා ශරීරයේ පද්ධති වල ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම නිසා අලස බව ඇති වෙනවා.
2. මන්දගාමී පරිවෘත්තිය ක්‍රියා
උදෑසන අවදි වීමෙන් පසු පරිවෘත්තිය ක්‍රියා වලට ආරම්භයක් ලබා දීමට උදේ ආහාරය අත්‍යවශ්‍යය වෙනවා. නමුත් ඔයා උදේ ආහාරය ගත්තේ නැති වුණොත් පරිවෘත්තිය ක්‍රියා මන්දගාමී වීම සිදු වෙනවා.
3. දියවැඩියා අවධානම
හාවඩ් විශ්වවිද්‍යාලයේ වසර 6ක් තිස්සේ කළ පර්යේෂණයකට අනුව උදෑසන ආහාරය මග හරින පුද්ගලයන්ට අනෙකුත් පුද්ගලයන්ට වඩා දියවැඩියා අවදානම 54%කින් වැඩි බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ තත්වයට කාන්තාවන් ගොදුරු වීමට තියෙන හැකියාව වැඩියි. ඉතින් ඒ නිසා ඔයත් අමතක කරන්නේ නැතුව උදැසන ආහාරය ගන්න පුරුදු වෙන්න.
4. හිසකෙස් ගැලවී යාම
අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි හිසකෙස් ගැලවී යාම කියන්නේ. හිසකෙස් වලට අවශ්‍ය කරන පෝෂණය නොලැබී යාම නිසා තමයි හිසකෙස් ගැලවී යෑම සිදු වෙන්නේ. උදේ ආහාරය නිසි ලෙස නොගැනීම නිසා සිරුරේ ප්‍රෝටීන් මට්ටම පහළ යන අතර ඒ නිසා සිරුරේ කෙරටින් නිෂ්පාදනයද පහළ යනවා. එමගින් හිසකෙස් වල වර්ධනය අඩාල වී හිසකෙස් ගැලවී යාම සිදු වෙනවා.
5. හදවත් රෝග
උදෑසන ආහාර වේල මගහැරීම කියන්නේ හදවතට ඉතාම අහිතකර තත්වයක්. උදේ ආහාරය ගන්නේ නැති පුද්ගලයන්ට හදවත් රෝග ඇති වීමේ සම්භාවිතාව සාමාන්‍යය පුද්ගලයන්ට වඩා 27%කින් වැඩි බව Cahill නම් වෛද්‍යවරයා විශේෂ පර්යේෂණයකින් සොයාගෙන තියෙනවා. ඉතින් ඔයත් හදවත් රෝග වලින් ඈත් වෙලා ඉන්න කැමති නම් හැමදාම පෝෂණීය උදෑසන ආහාරයක් ගන්න අමතක කරන්න එපා.
6. ඉරුවාරුදය සහ රක්තහීනතාවය
උදේ ආහාරය නිසි ලෙස නොගැනීම නිසා රුධිරයේ සීනි මට්ටම පහළ යාම සහ හෝමෝන ශ්‍රාවය ඉහළ යෑමත් නිසා රුධිර පීඩනය ඉහළ යාම සිදු වෙනවා. එකවර රුධිර පීඩනය ඉහළ යාම ඉරුවාරුදය ඇති වීමට හේතුවක් වෙනවා. ඒ වගේම සිරුරට අවශ්‍ය පෝෂණය නොලැබී යෑම නිසා උදැසන ආහාරය මග හැරීම රක්තහීනතාවයටද හේතු වෙනවා.
ඒ විතරක් නෙමෙයි මොළයේ ක්‍රියාකාරිත්වය පහළ දැමීමට වගේම පිළිකා අවධානම ඉහළ යන්නත් උදෑසන ආහාරය මග හැරීම හේතු වෙනවා. ඉතින් දිගුකල් නිරෝගී දිවියක්ගත කරන්න ඔයා කැමති නම් හැමදාම උදේට පෝෂණයෙන් සපිරි උදෑසන ආහාර වේලක් ගන්න නම් අමතක කරන්න එපා.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)