'Rebuilding Sri Lanka' අරමුදලට මේ වන විට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
ඔහු කියා සිටියේ මෙම මුදලෙන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයන් හරහා ලැබී ඇති බවත්, ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී ඇති බවයි.
එමෙන්ම ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
