ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චදූව, අංගමුව යන ජලාශ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ වාන් දමන බවයි.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශය ද, අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ද වාන් දමමින් තිබෙනවා.
කලාවැවේ වාන් දොරටු 02ක් අඩි 06 බැගින් විවෘත කර ඇති අතර රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 05 බැගින් සහ තවත් වාන් දොරටු 02ක් අඩි 04 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත් නාච්චදූවේ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් සහ තවත් වාන් දොරටු 03ක් අඩි 02 බැගින් විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
