19 December 2025

logo

ByteDance නව ගිවිසුමකට එළඹෙයි



ඇමරිකාව තුළ TikTok තහනම වළක්වාගැනීම සඳහා එහි හිමිකාරිත්වය දරන චීනයේ ByteDance විසින් සිය ඇමරිකානු කොටස්වලින් 80% කට වැඩි ප්‍රමාණයක් ඇමරිකානු සහ ගෝලීය ආයෝජකයන්ට විකිණීම සඳහා වූ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ TikTok හිමිකාරීත්වය දරන ByteDance සමාගම TikTok, TikTok USDS Joint Venture LLC නමින් නව TikTok US ඒකාබද්ධ ව්‍යාපාරයක් පිහිටුවීම සඳහා Oracle, Silver Lake සහ MGX යන ආයෝජකයන් තිදෙනෙක් සමඟ මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන බවයි. 

(colombotimes.lk)