19 December 2025

logo

හෙට සිට ධාවනය වන බදුල්ල - අඹේවෙල දුම්රිය කාලසටහන මෙන්න



උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල අතර දුම්රිය හෙට (20) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.00ට සහ ප.ව 3.00ට දුම්රියන් 02ක් අඹේවෙල දක්වාත් අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.30ට සහ ප.ව 3.00ට දුම්රියන් දෙකක් බදුල්ල දක්වාත් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි. 

එමෙන්ම දුම්රියන් වායු සමනය කළ පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක්, දෙවන සහ තෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරියක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව හෙට සිට ධාවනය වන බදුල්ල - අඹේවෙල දුම්රිය කාලසටහන මෙන්න,



(colombotimes.lk)