අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (07) පුද්ගලයන් 26,920ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 35ක් හඳුනාගත් බවයි.
එමෙන්ම සැකපිට පුද්ගලයන් 716ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ වරෙන්තුකරුවන් 170ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම බීමත් රියදුරන් 21ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් 15ක්ද හඳුනාගෙන තිබෙනවා.
(colombotimes.lk)