03 May 2026

logo

ටෙහෙරානයට සහ බීරුට් අගනුවරට ප්‍රහාරයක්



ඉරානයේ අගනුවර වන ටෙහෙරානය සහ ලෙබනනයේ අගනුවර වන බීරුට් ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයකට අනුව ඔවුන් මේ වන විට ටෙහෙරාන් සහ බීරුට් යන නගර දෙකෙහිම පිහිටි හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

මෙම ප්‍රහාර එල්ල කිරීමට පැයකට පමණ පෙර බීරුට් හී දකුණු තදාසන්න ප්‍රදේශවල සහ ගම්මාන රැසක වෙසෙන ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.  
    
(colombotimes.lk)