ඊජිප්තු දේශසීමාව ආසන්නයේදී සිදුකළ ප්‍රහාරයකින් ඊශ්‍රායෙල් හමුදා සාමාජිකයින් තිදෙනෙක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊජිප්තු පොලිස් නිලධාරියෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
එහිදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩිහුවමාරුවෙන් එම පොලිස් නිලධාරියාද ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පරීක්ෂණ ආරම්භකර ඇති බව වාර්තා වනවා.
(colombotimes.lk)