12 December 2025

logo

අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම ගැන අතුරු නියෝගයක්



ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අවසරය අහෝසි කිරීමට හෝ එය ආපසු කැඳවීම පිළිබඳව ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ලබන 15වනදා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්වය භාර අරමුදල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව මෙම පෙත්සම ලබන 15වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් නියම කර තිබෙනවා. 

(colombotimes.lk)