19 February 2026

logo

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීවරයෙක් අත්අඩංගුවට



සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් වංචා සහගත ලෙස ලබාගැනීමට ආධාර අනුබලදීමේ චෝදනා මත කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින්. 
 
රාජ්‍ය සේවයේ ස්ථිර විශ්‍රාම වැටුප් හිමි පත්වීම් ලබාගත් බව පෙන්වීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම, ඒවා සත්‍ය ලේඛන ලෙස සහතික කර ඉදිරිපත් කිරීම සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)