ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.
එමෙන්ම භාවිතයෙන් ඉවත් කෙරුණ මෙම ඖෂධ ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව සඳහන් වනවා.
අදාළ ඖෂධ භාවිතයේදී රෝගීන්ට ඇතිවූ සංකූලතා නිසා ඒවා භාවිතයෙන් ඉවත් කළ බව එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළා.
මෙම ඖෂධය මෙරට ලියාපදිංචි ඖෂධයක් නොවන බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ වනවිට තහවුරු කර තිබෙනවා.
එවැනි අනුමැතියකින් තොර ඖෂධයක් රෝගීන්ට ලබාදීමට කටයුතු කිරීම ප්‍රශ්න සහගත බවයි ඒ මහතා කියා සිටියේ.
(colombotimes.lk)