14 February 2026

logo

කන්ටේනර් සිද්ධියට සම්බන්ධ විමර්ශන කමිටුවෙන් අනුර කරුණාතිලක ඉවත් වෙයි



කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලා අස්වී තිබෙනවා.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 03වන දිනටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාරගේ සභාපතීත්වයෙන් පසුගිය 11වනදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා. 

එහිදී අමාත්‍යවරයා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා සාමාජිකයෙක් ඉදිරියේදී පත් කරන බවත් කාරක සභා සභාපතිවරයා සාක්ෂි විමසීම ආරම්භයට පෙර කාරක සභාවට දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)