14 February 2026

logo

Rann of Kutchහී TVS Apache සහ Ronin විශේෂ මාදිලි 05ක් එළිදැක්වෙයි



ගුජරාට් ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් 'Rann of Kutch 2.0'හී විශේෂ යතුරුපැදි උත්සවයක් සංවිධානය කිරීමට Tvs ආයතනය කටයුතු කර තිබෙනවා.

එය අද (13) හෙට (14) දෙදින පුරා ක්‍රියාත්මකයි.

එහි විශේෂ උත්සවයක් අද (13) පස්වරුවේ ගුජරාට් ප්‍රාන්තයේ Rann of Kutchහී පැවැත්වුණා.

එහිදී ගුජරාට් ප්‍රාන්තයේ Rann of Kutchහී ඉර බැසගෙන යන පරිසරයේ සුන්දරත්වය, සුදු ලවණ භූමිය සහ සම්ප්‍රදායික ශිල්ප කලාවන්ගේ ආභාෂයෙන් වර්ණ ගැන්වූ TVS Apache සහ TVS Ronin යතුරුපැදි 05ක් එළිදැක්වීම සිදු වුණා. 

මේ සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සහ ඉන්දියාව පුරා විසිරී සිටින මාධ්‍යවේදීන්, නිර්මාණකරුවන් රැසක් මෙම උත්සව අවස්ථාවට එක්වී සිටියා. 

මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Colombo Times අප ද සහභාගී වුණා. 

එහි විශේෂ අවස්ථා පහතින්, 







(colombotimes.lk)