14 February 2026

logo

IMF ප්‍රධානී ලබන සතියේ දිවයිනට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා එළඹෙන 16වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. 

ඇය තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ. 

එම කාලය තුළ 'දිට්වා' සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)