30 April 2026

logo

වසර 12ක් Samsung සිටි ස්ථානය, Apple හිමි කර ගනියි



Apple සමාගම Samsung අභිබවා ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අළෙවිකරුවා බවට පත්ව තිබෙනවා. 

ඒ මෙම සතියේ නිකුත් කරන ලද නවතම ජාත්‍යන්තර දත්ත වලට අනුවයි. 
 
ඒ අනුව පසුගිය වසරේ නැව්ගත කළ ස්මාර්ට් ෆෝන්වලින් 5න් එකකට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බවයි නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත්තේ. 
 
කෙසේවෙතත් Samsung සමාගම ලොව ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළෙහි අඛණ්ඩව වසර 12ක් පළමුවන ස්ථානය හිමිකර ගෙන සිටියා.
(colombotimes.lk)