06 November 2025

logo

Apple Logo එකේ කෑල්ලක් නැත්තේ ඇයි?



Apple සමාගම සිය ලාංඡනය ලෙස කොටසක් අනුභව කරන ලද ඇපල් ගෙඩියක් යොදාගෙන තිබෙනවා. 

මෙසේ අනුභව කළ ඇපල් ගෙඩියක් යොදා ගැනීමට හේතුව පිළිබඳව විවිධ මත පළවී තිබුණා. 
 
ඉන් එක් මතයක් වන්නේ, ඇපල් ගෙඩියක් හිස මතට වැටීම හරහා ගුරුත්වාකර්ෂණ න්‍යාය ප්‍රසිද්ධියට පත් කළ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් සිහිගැන්වම සඳහා මෙය යොදා ගැනීමයි. 
 
තවත් සමහරු සිතන්නේ එය දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මානු ප්‍රහේලිකාවක් බිඳ දැමූ බ්‍රිතාන්‍ය ගණිතඥ ඇලන් ටියුරින් සමඟ සම්බන්ධ විය හැකි බවයි. 
 
එමෙන්ම ඔහු සමලිංගික සබඳතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර පසුව සයනයිඩ් විෂ වීමෙන් මිය ගොස් තිබුණා. 
 
ඔහුගේ සිරුර අසල අඩක් අනුභව කරන ලද ඇපල් ගෙඩියක් තිබීම විශේෂත්වයක්. 
 
ආරම්භක ඇපල් ලාංඡනය අයිසැක් නිව්ටන් අනුස්මරණය පිණිස යෝදාගෙන ඇති බව සඳහන්. 
 
මීට අමතරව ඇපල් ගෙඩියේ කොටසක් අනුභව කර ඇති ආකාරය දක්වා ඇත්තේ, අනෙක් පළතුරු වලින් එය වෙන්කර හඳුනා ගැනීම සඳහා බව එහි නිර්මාණකරු හෙළිකර තිබෙනවා.
(colombotimes.lk)