ශ්‍රී ලංකාව හා පාකිස්තානය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඔහු පළමු ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර නොතිබුණේ, ඩෙංගු රෝගය ආසාදනය වීම හේතුවෙන්.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (24) කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
(Colombotimes.lk)
