21 November 2025

logo

කසළ කළමනාකරණය ගැන වෘත්තීය විෂයක් හඳුන්වාදීමට අවධානය



බස්නාහිර පළාත තුළ කසළ කළමණාකරණය ලෙස නව වෘත්තිය විෂයක් හඳුන්වාදීම පිළිබදව ඒ සම්බන්ධයෙන් වන විශේෂ අනුකමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. 

ඒ බස්නාහිර පළාත් කසළ කළමණාකරණය සම්බන්ධයෙන් පත් කළ විශේෂ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී බස්නාහිර පළාතේ ගෘහස්ත, වීදි, ආයතනික සහ ව්‍යාපාර හරහා බැහැර වන ඝන අපද්‍රව්‍යය කළමනාකරණයේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. 

වෘත්තිය අධ්‍යාපන අංශය හා එක්ව කසළ කළමණාකරණය, අලුත් වෘත්තිය විෂයක් ලෙස හඳුන්වාදීම මඟින් කසළ කළමනාකරණය පිළිබඳ සමාජ අවබෝධයක් ලබාදීම සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සිදු කළ හැකි බව ද එහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)