21 November 2025

logo

සජබ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට



දකුණු මුහුදු තීරයේදී ඊයේ (20) මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමේ සිද්ධියට අදාළව එක් පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් 6දෙනා ඊයේ (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා. 

ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)