නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වශයෙන් මෑතකදී උසස්වම් ලද සිව්දෙනෙක් ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම්දී තිබෙනවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම දිවුරුම්දීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුදර්ශන ද සිල්වා, අසාද් නවාවි, හිරන්ජන් පීරිස් හා ලක්මාලි කරුණානායක මෙලෙස දිවුරුම් දී තිබෙනවා.
(colombotimes.lk)
