12 December 2025

logo

මැන්ඩරින් දොඩම් වගා කිරීමට අවධානය



මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

දැනට මෙරට දොඩම් වගාව දිස්ත්‍රික්ක ගණනාවක සිදු කළද විදේශ රටවල සිට ආනයනය කෙරෙන මැන්ඩරින් නැමැති දොඩම් විශේෂය සඳහා මහජනතාවගේ විශාල ඉල්ලුමක් පවතින බව සඳහන්. 
 
මෙම දොඩම් ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරිම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)