මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදු විය හැකි බවට හඳුනාගෙන තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.
ඒ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
මෙරට සමස්ත භූමියෙන් 30%ක නායයෑම් සිදුවන බවට හඳුනාගෙන ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙලෙස හඳුනාගත් ප්‍රදේශයේ ජනගහනය 34%ක් සිටින බවයි.
එමෙන්ම එම සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක් පමණ වන බව ද ඔහු ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සමඟ නායයෑමට ලක්විය හැකි ස්ථාන පරීක්ෂා කරදීමට ඉල්ලීම් 2,710ක් ලැබී ඇති බවත් මේ වන විට ඉන් 589ක් පරීක්ෂා කර අවසන් බවයි.
ආපදාවට ලක් වූ ස්ථානයන් සම්බන්ධයෙන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මීටර් 10ට වඩා වැඩියෙන් නාය ගිය ස්ථාන 1,241ක් හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම නිවාසවලට බලපෑම් නොමැති ස්ථාන 919ක් හඳුනාගෙන තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිවාසවලට බලපෑම් ඇති වූ නායයෑම් 322ක් වාර්තා වී තිබෙන බවයි.
(colombotimes.lk)
