හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි මස 19වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කර තිබෙනවා.
සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම යන චෝදනා මත මෙම නඩුව ගොනුකර තිබෙන බවයි සඳහන් වන්නේ.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවා තිබෙනවා.
එහිදී විත්තිකාර මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට අද දින නඩු විභාගයට පෙනී සිටීමට අපහසු බව දැනුම් දුන් අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19වනදා දක්වා කල් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
