09 January 2026

logo

මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට



සියලු‍ම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 100%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 05වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. 

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාර්ෂික සුරාබදු ගාස්තුව, කර්මාන්ත ගාස්තුව සඳහා එක්වරක් අය කරන ගාස්තුව සහ ආරක්ෂිත ඇප තැන්පතු මුදල ඉහළ දමා ඇති බවයි.

(colombotimes.lk)