මෙරටදී නිෂ්පාදනය කෙරෙන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ, අදාළ ඖෂධයේ කාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගැනීම හේතුවෙන්.
රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර තිබුණා.
එහිදී මෙලෙස ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය විසින් සියලු රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සඳහන් කළේ, අදාළ කාණ්ඩ 02 රෝහල්වල භාවිතයෙන් ඉවත් කළ ද ඇස්ප්‍රින් ඖෂධයේ හිඟයක් රෝහල් තුළ නොමැති බවයි.
(Colombotimes.lk)
